Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රෝහල් සංවර්ධනයට ජපන් රජයෙන් විශේෂ වැඩපිළිවෙළක්  

Add comments

ශ්‍රී ලංකාවේ ද්විතීක මට්ටමේ රෝහල් සංවර්ධනයට ජපන් රජය විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා.

ජපන් රජය හා ජපන් ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්සිය එක්වයි මෙය ක්‍රියාත්මක කරන්නේ. ඒ අනුව වරකාපොළ මූලික රෝහල නවීන රෝහලක් ලෙස සංවර්ධනය කිරීමට පියවර ගෙන තිබෙනවා. පසුගිය වසරේ පෙබරවාරි 16 වනදා රෝහල ජනතා අයිතියට පත් කෙරුණා. මහල් 6 කින් යුත් ගොඩනැගිල්ල ළමා වාට්ටු , මාතෘ වාට්ටු , දැඩි සත්කාර ඒකක හා ශල්‍ය වාට්ටුවලින් සමන්විතයි. ජපන් රජය දීර්ඝ කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවේ මිතුදම තහවුරු කරමින් විවිධ අංශවල වර්ධනය සඳහා කටයුතු කරනවා. මෙම ව්‍යාපෘති සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමට හා සොයා බැලීමට ජපාන තානාපති කාර්යාලයේ හා ජයිකා ආයතනයේ නිලධාරීන් නිරීක්‍ෂණ චාරිකාවක පසුගියදා නිරත වුණා. එහිදී රෝහලේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් දැනුවත් කිරීමට සෞඛ්‍ය කාර්ය මණ්ඩලය කටයුතු කළා. වරකාපොළ රෝහල නව රෝහලක් ලෙස ඉදිවීමත් සමග කුරුණෑගල , කෑගල්ල , ගම්පහ ප්‍රධාන රෝහල්වල තදබදය අඩු වී ඇති බව කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ විජිත් ගුණසේකර මහතා පවසනවා.

කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ විජිත් ගුණසේකර,

පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කපිල කන්නන්ගර මහතා ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුණා.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG