ප්රබල ගනයේ සුළි කුණාටුවක් යළි ඇමෙරිකාවට ආසන්න වෙමින් පවතින බවට එරට කාලගුණ අංශ අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා.
ෆ්ලොරන්ස් ලෙස නම් කර ඇති මෙම සුළි කුණාටුව පැයට කිලෝමීටර් 150ක පමණ වේගයෙන් ඇමෙරිකාවට ඇතුළු වනු ඇති බවයි කාලගුණ අංශ පවසන්නේ. එය නැගෙනහිර වෙරළ ඔස්සේ ඇමෙරිකාවට ඇතුළු විය හැකි බවද වැඩිදුරටත් සදහන්. වසරක් තුළ ඇමෙරිකාවට බලපාන හය වන සුළිකුණාටුව මෙය බවයි වාර්තාවන්නේ.
Post a Comment