තද වැසි සහ ගිගුරුම් සහිත වැසි පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විශේෂ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කළා.
නිරිතදිග කොටසේ අද රාති‍්‍රයේ සිට පවතින වැසි තත්ත්වයේ වැඩිවිම හෙට දිනයේදිත් පවතින බවයි ස්වාභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පෙන්වා දෙන්නේ. මධ්‍යම , ඌව , සහ සබරගමුව පළාත් වලත් කළුතර , ගාල්ල සහ මාතර දිස්ති්රක්කයන්හිත් ඇතැම් ස්ථාන වලට මිලි මීටර් සියයත් , එකසිය පනහත් අතර තද වැසි අපේක්ෂා කරනවා. කඳුකර ප්‍රදේශවල ජීවත් වන ජනතාව විමසිලිමත්වීම වැදගත්. එම ප්‍රදේශවල මාර්ග භාවිත කරන්නන් සහ රියදුරන් ඒ පිළිබඳ අවධානය යොමු කළ යුතු බවද දෙපාර්තමේන්තුව සඳහන් කළා.
Post a Comment