Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කෂෝගීගේ මරණය ගැන සෞදියෙන් පළමු වරට ප‍්‍රසිද්ධ ප‍්‍රකාශයක්  

Add comments

ජමාල් කෂෝගිගේ මරණය සම්බන්ධයෙන් වගකිව යුතු සියලු අපරාධකරුවන්ට දඩුවම් පමුණුවන බව සෞදියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සලාම් කුමරු ප‍්‍රකාශ කළා. ඒ සෞදියේ ව්‍යාපාර සමුළුව අමතමින්.

සෞදි ජාතිකයන් සියලුදෙනාට මෙම මරණය වේදනා සහගත බවයි ඔහු සඳහන් කළේ. කෂෝගීගේ මරණයෙන් පසු ඔටුන්න හිමි කුමරු ප‍්‍රසිද්ධ ස්ථානයක ඒ පිළිබඳ කතා කළ පළමු අවස්ථාව මෙයයි. එහෙත් එහිදී කිසිවිටෙක තුර්කිය සමඟ මතභේදයකට තුඩුදෙන ප‍්‍රකාශ නිකුත් නොකිරිමට ඔටුන්න හිමි කුමරු කටයුතු කිරිම විශේෂත්වයක් බවයි දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ.

මේ අතර සෞදි රජු සහ ඔටුන්න හිමි බින් සලාම් කුමරු කෂෝගීගේ පවුලේ ඥාතීන් හමුවුණා. ඒ රියාද් නුවරදියි.එහිදී ජමාල් කෂෝගීගේ පුත‍්‍රයා සහ සලාම් කුමරු සාකච්ඡාවක නිරත වන ආකාරය දැක්වෙන ඡායාරූපයක් මේ වනවිට දැඩි කතාබහට ලක්ව තිබෙනවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG