ශ්‍රී ලංකා බංගලිදේශ නාවික හමුදා නිලධාරින් අතර සාකච්ඡාවක් පැවැත්වුණා. ඒ බටහිර නාවික විධාන මූලස්ථානයේ දී. බංගලිදේශ නාවික හමුදාවට අයත් නෞකාවක් සුහද සංචාරයක් සඳහා දිවයිනට ලඟා වුණා. එහි නිලධාරින් 278 දෙනෙකු පැමිණ තිබෙනවා. නෞකාවේ අණ දෙන නිලධාරි කපිතාන් එම් මොනිරුෂාමන් මහතා හා බටහිර නාවික විධාන භාර ආඥාපති රියර් අද්මිරාල් නිශාන්ත උළුගෙතැන්න මහතා අතර සාකච්ඡා පැවති බවයි නාවික හමුදා මාධ්‍ය අංශය පවසන්නේ.
Post a Comment