Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පිළිකා පර්යේෂණ ආයතනයේ නවතම වාර්තාව එලියට පනී  

Add comments

මෙම වසරේදී ලොව පුරා පිළිකා රෝගයට අලුතෙන්ම ගොදුරු වූ නව පිළිකා රෝගීන්ගේ සංඛ්‍යාව මිලියන 18 යි දශම 1 ක් බවත් පිළිකා රෝගයට ගොදුරුව මියගිය සංඛ්‍යාව මිලියන නවයයි දශම හයක් බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ පිළිකා පර්යේෂණ ආයතනය පවසනවා. එම සංවිධානය පවසන්නේ 2040 වන විට නව පිළිකා රෝගීන්ගේ සංඛ්‍යාව මිලියන විස්සයි දශම එකක් දක්වා ඉහළ යනු ඇති බවයි. 2012 වසරට සාපේක්ෂව නව පිළිකා රෝගීන්ගේ සංඛ්‍යාව මිලියන දාහතරයි දශම එකකින් ද පිළිකා රෝගය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව මිලියන අටක් දශම දෙකකින් ද ඉහළ ගොස් තිබෙනවා.

පිළිකා පිළිබද ජාත්‍යන්තර ආයතනය මගින් රටවල් 185 ක පිළිකා විශේෂ තිස්හයක ලෝකය පුරා වාර්තා නිරීක්ෂණය කරමින් ඔවුන්ගේ මෙම නවතම වාර්තාව ඉදිරිපත් කර තිබෙනවා. මෙම සංඛ්‍යාලේඛනවල පෙන්වා දෙන පරිදි පුරුෂයින් පස් දෙනෙකුගෙන් එක් අයෙකුට සහ කාන්තාවන් හය දෙනෙකුගෙන් එක් අයෙකුට පිළිකා රෝගය වර්ධනය වීමේ අවදානම පවතිනවා. ජනගහනය වර්ධනය වීමත්, රටවල් ධනවත්වීමත් සමග ජනතාවගේ ජීවන ක්‍රියා වෙනස්විම හේතුවෙන් මෙලෙස පිළිකා රෝගීන්ගේ වැඩිවීමට හේතු වී තිබෙනවා. දුම්පානය හේතුවෙන් ඇතිවන පෙණහළු පිළිකා ලොව පුරා පිළිකා මරණවලට ප්‍රධාන හේතුව බවයි එම වාර්තාවේ පෙන්වා දෙන්නේ. තවද 2018 වසරේදී ලොව පිළිකා මරණවලින් හරි අඩකට ආසන්න සංඛ්‍යාවක් ආසියාවෙන් වාර්තා වන බවද එම වාර්තාවේ සදහන්.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG