
අනුරාධපුරය සහ ඇහැලියගොඩ ප්‍රදේශවලදී සිදු වු අනතුරුවලින් තරුණයෙකු සහ තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වුණා.
අනුරාධපුර දඹුල්ල ප්‍රධාන මාර්ගයේ කුරුන්දන්කුලම කීරියගස්හන්දිය ප්‍රදේශයේ සිදු වු අනතුරකින් තරුණයෙකු ජිවිතක්ෂයට පත් වුණා. යතුරුපැදියක් හා වෑන් රථයක් එකිනෙක ගැටිමෙනුයි අනතුර සිදුව ඇත්තේ. අනතුරින් ජීවිතක්ෂයට පත් වු තරුණයාගේ වයස අවුරුදු විසි එකක්. අනුරාධපුර සමගිපුර ප්‍රදේශයේ පදිංචි ඔහු මෙවර අපොස උසස්පෙල විභාගයටද පෙනි සිට තිබෙනවා. සිද්ධිය සම්බන්දයෙන් වෑන් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ අතර ඇහැලිගොඩ සිරිලක්දූව ප්‍රදේශයේදී සිදු වු අනතුරකිකන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වුණා. තෙල් බවුසරයක් සහ ත්‍රී රෝද රථයක් එකිනෙක ගැටිමෙනුයි අනතුර සිදු වුණේ. තුවාල ලැබු තුන් දෙනෙකු ඇහැලිගොඩ රෝහලට ඇතුලත් කෙරුණු අතර වැඩිදුර ප්‍රතිකාර සදහා රත්නපුර රෝහලට මාරු කර යවා තිබෙනවා.
Post a Comment