දෙවන ස්ථිර ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය පිහිටුවීමට අදාළ ගැසට් පත්‍රය නිකුත් කෙරුණා. රාජ්‍ය දේපළ අවභාවිත කරමින් මහා පරිමාණයෙන් වංචා , දූෂණ , සිදු කළ පිරිසට කඩිනමින් නීතිය ක්‍රියාත්මක කිරීම අරමුණයි.
දෙවන විශේෂ මහාධිකරණය පිහිටුවීමට අදාළ අතිවිශේෂ ගැසට් පත්‍රය අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය නිකුත් කර තිබෙනවා. අංක 2087 / 92 යටතේ මෙම අතිවිශේෂ ගැසට් පත්‍රය නිකුත් කෙරුණා. පාර්ලිමේන්තුවේදී පසුගියදා සම්මත වූ අධිකරණ සංවිධාන සංශෝධන පනත යටතේ ස්ථිර ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ 3 ක් පිහිටු වීමට නියමිතයි.
පසුගියදා පිහිට වූ පළමු විශේෂ මහාධිකරණයේ කටයුතු මේ වන විට කඩිනමින් සිදුකෙරෙනවා. වංචා , දූෂණ සම්බන්ධ නඩු කිහිපයක් එම විශේෂ මහාධිකරණයේ විභාගයට ගැනෙනවා. ජනතා දේපළ විනාශ කරමින් තම සුඛ විහරණය වෙනුවෙන් ක්‍රියාත්මක වූ පිරිසට දේශපාලන භේදයකින් තොරව නීතිය ක්‍රියාත්මක කිරීමට රජය දැඩි ස්ථාවරයක සිට කටයුතු කරමින් සිටිනවා.
Post a Comment