Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි  

Add comments

දිවයින වටා වායුගෝලයේ පවතින පීඩන අවපාතය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කොළඹ, කළුතර,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වල අද දවස පුරා වැසි ඇති වන බව එම දෙපාර්තමේන්තුව සදහන් කරනවා. ඌව, සබරගමුව, දකුණ සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් සියය ඉක්ම වූ තද වැසි ඇතිවිය හැකියි.

ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇතිවන බැවින් අවධානයෙන් සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා. අකුණු මගින් සිදුවන අනතුරු ද අවම කර ගැනීමට පියවර ගත යුතුයි. මේ අතර පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. එම අවස්ථාවලදී තාවකාලික තද සුළං ද ඇතිවිය හැකි අතර එම මුහුදු ප්‍රදේශ රළු වන බව ද එම දෙපාර්තමේන්තුව පවසනවා.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG