Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දෙවන වරටත් කීම් ජොන් උන් හමු වීමට ට්‍රම්ප් සූදානම්  

Add comments

උතුරු කොරියා නායක කීම් ජොන් උන් සමග ඉක්මනින් දෙවන වරට සාකච්ඡාවක් පැවැත්වීමට තමන් සූදානම් බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඔහු එම සාකච්ඡාව පැවැත්වීමට බොහෝ උත්සාහයක් දරණ බව දකුණු කොරියා ජනාධිපති මූන් ජේන් උන් සමග නිව්යෝර්ක් නුවර ඊයේ පැවති සාකච්ඡාවකදී  ප්‍රකාශ කළා. සබදතා ඉතා හොද මට්ටමක පවතිනු ඇති අතර  ඇතැම් විට එය සුවිශේෂී වනු ඇති බව ද  ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්  පැවසුවා.

එරට රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මෙම දෙවන සාකච්ඡාව ඉදිරියේදී සැළසුම් කරනු ඇති බවද ඇමෙරිකා ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. මීට වසරකට පමණ පෙර උතුරු කොරියා නායකයා  හා  ඇමෙරිකා ජනාධිපතිවරයා අතර න්‍යෂ්ටික අවි සම්බන්ධයෙන් දැඩි වාග් සංග්‍රාමයක් ඇති වුණා. එහෙත් පසුගිය ජූනි මාසයේදී සිංගපූරුවේ පැවති සාකච්ඡාවලින් අනතුරුව මේවන විට එම රටවල් දෙකෙහි සබදතා වැඩිදියුණු වෙමින් පවතිනවා.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG