Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වසර 400 ක් පැරණි මුහුදුබත් වූ නැවක කොටස් හමු වෙයි  

Add comments

වසර 400 ක් පැරණි මුහුදුබත් වූ නැවක කොටස් පුරාවිද්‍යාඥයින් පිරිසක් විසින් සොයාගෙන තිබෙනවා. පෘතුගාලයේ ලිස්බන් අගනුවර වෙරළ තීරය ආසන්නයෙනුයි මෙම මුහුදුබත් වූ නැවේ කොටස් හමු වී තිබෙන්නේ. කිමිදුම්කරුවන් නැවේ කොටස් සොයාගෙන තිබෙන්නේ ගොඩබිමේ සිට මීටර් දොළහක වූ මුහුදු පතුලෙනුයි. අතීතයේ භාවිත කළ කුළු බඩු පෘතුගීසි ආභාසය සහිත ලෝකඩ තුවක්කු නවයක් සහ චීන පිගන් භාණ්ඩ මෙසේ හමු වී ඇති බව සදහන්.

පුරාවිද්‍යාඥයින් විශ්වාස කරන්නේ මෙම නැව ඉන්දියාවේ සිට භාණ්ඩ රැගෙන නැවතත් පෘතුගාලයට ආ නෞ කාවක් බවයි. එම නෞකාව 1575 සිට 1625 යන අතර කාලසීමාවේදී ගිලී ගොස් ඇති බවටයි සැක පළ කෙරෙන්නේ. මෙය ආසියාව සහ පෘතුගාලය අතර කුළුබඩු වෙළෙදාම ඉහළ මට්ටමක පැවතුනු බවට සාක්ෂියක් බවයි ඔවුන් සදහන් කරන්නේ.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG