Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මුරුංගා කොළ කෑ සිද්ධිය වැරදි ලෙස වාර්තා කිරීම  

Add comments

සමෘද්ධි සහනාධාරය, වකුගඩු රෝගී ආධාරය සහ ආහාර මල්ලක් දී ඇති පවුල බත් සහ මුරුංගා කොළ කෑ සිද්ධිය වැරදි ලෙස වාර්තා කර ඇති බව අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා.

අමාත්‍ය දුමින්ද දිසානායක,

අමාත්‍ය දුමින්ද දිසානායක මහතා මේ බව සදහන් කළේ කහටගස්දිගිලිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය හරහා පෙරේදා හමා ගිය දැඩි සුළගින් හානි වූ නිවාස නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවයි. මෙම ආපදා තත්ත්වයෙන් ප්‍රදේශයේ නිවාස 120 කට පූර්ණ හා අර්ධ හානි සිදුව තිබෙනවා. එම නිවාස නිරීක්ෂණය කළ අමාත්‍යවරයා සියලු නිවාසයන්හි වහළ කඩිනමින් යථා තත්ත්වයට පත් කර ගැනීම සදහා රුපියල් දස දහසක වන්දි මුදලක් ලබාදෙන බව ප්‍රකාශ කළා. දින කිහිපයක් තුළ නිවාසවලට සිදු වූ හානිය ඇස්තමේන්තු කර පූර්ණ වන්දි ලබාදෙන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG