Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නියෝමාල් රංගජීව ඇප මත මුදා හැරේ  

Add comments

වැලිකඩ බන්ධනාගාරයේ රැදවියන් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව ඇප මත මුදා හැරීමට අභියාචනාධිකරණය නියෝග කළා. වැලිකඩ බන්ධනාගාරයේ රැදවියන් විසිහත් දෙනෙකු වෙඩි තබා ඝාතනය කර තිබුණේ 2012 වසරේදීයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව ඇප ඉල්ලා ප්‍රතිශෝධන පෙත්සමක් ගොනු කර තිබුණා.

එය සළකා බැලූ අභියාචනාධිකරණය රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත ඔහු මුදා හැරීමට නියෝග කළා. එහෙත් සැකකරුගේ විදේශ ගමන් තහනම් කෙරුණා. සැකකරු ඇප ඉල්ලා ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සම් කොළඹ මහාධිකරණය මීට පෙර ප්‍රතික්ෂේප කර තිබුණා. නඩුවේ දෙවන සැකකරු වන බන්ධනාගාර හිටපු අධිකාරී එමිල් රංජන් ළමා හේවා යන අය තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගතව සිටිනවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG