Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නාමල් කුමාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙයි  

Add comments

දූෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මහතා මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ සිටිනවා. ඒ ප්‍රකාශයක් ලබා ගැනීම සදහා එම දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස කළ දැනුම් දීමකට අනුවයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා , ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු ඝාතනය කිරීමට තැත් කිරීමේ උත්සාහයක් පිළිබදව ඔහු පැමිණිලි කර තිබුණා. ඒ ත්‍රස්තවාදී විමර්ශන දිසාවේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා ඊට සම්බන්ධ බව පවසමින්. මීට අදාළ දුරකතන සංවාදවල ඇතුළත් කටහඩ පිළිබද පරීක්ෂණයට සහාය දීම සදහා නාමල් කුමාර යන අයට අද (26) දිනයේ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙසද නියෝග කර තිබෙනවා.

මේ අතර ත්‍රස්තවාදී විමර්ශන දිසාවේ තිබූ ස්වයංක්‍රීය ගිනි අවි දෙකක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගත් බවට පත් වූ මාධ්‍ය වාර්තා සත්‍යයෙන් තොර බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය අවධාරණය කරනවා. මෙවැනි  ස්වයංක්‍රීය අවි කිසිවක් මෙම විමර්ශනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙතෙක් සිය භාරයට ගෙන නොමැති බව ද  එම නිවේදනයේ සදහන්.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG