
අවධානම් කලාප 175ක් මූලික කරගනිමින් ඩෙංගු මර්ධන සතිය අද (26) සිට ආරම්භ වනවා. නිවාස, පාසල්, ආගමික ස්ථාන සහ වැඩබිම් පිළිබඳවයි මූලික අවධානය යොමු වන්නේ. ත‍්‍රිවිධ හමුදාව සහ සෞඛ්‍ය අංශ ඇතුළු නව දහසක පමණ පිරිසක් ඊට එක්වන බවයි ප‍්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ප‍්‍රසිලා සමරවිර මහත්මිය සඳහන් කළේ. මේ වසරේ ගතවු මාස කිහිපය තුළ ඩෙංගු රෝගීන් තිස් අට දහසක් පමණ වාර්තා වී තිබෙනවා. කෙසේ වෙතත් එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 70ක පමණ අඩුවීමක් බවයි ප‍්‍රසිලා සමරවීර මහත්මිය පවසන්නේ.
Post a Comment