දකුණු මුහුදේදී ධීවර යාත්රාවක් අනතුරට පත් වීමෙන් මියගිය ධීවරයන් හතර දෙනාගේ සිරුරු පිළිබද පශ්චාත් මරණ පරීක්ෂණ අද සිදු කෙරෙනවා. ඒ සදහා එම සිරුරු ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල වෙත රැගෙනවිත් තිබෙනවා.
මලිදු පුතා නමැති මෙම බහුදින යාත්රාව මුහුදු ගියේ පසුගි දහවනදායි. ඒ ධීවරයින් හත් දෙනෙකු රැගෙන. යාත්රාව එදින රාත්රියේදීම නැවක ගැටී තිබෙනවා. නැව නොනවත්වා ගොස් ඇති බව සදහන්. එහිදී එම ස්ථානය පසුකර ගිය වෙනත් නැවක සිටි පිරිසක් මේ පිළිබදව ගාල්ල නාවික හමුදා කදවුරට දැනුම් දී තිබෙනවා. ඒ අනුව නාවික හමුදා නිලධාරීන්ට එක් ධීවරයෙකු බේරා ගැනීමට හැකි වුණා. මියගිය ධිවරයින් හතරදෙනෙකුගේ සිරුරු ද හමු වුණා. බේරා ගත් ධීවරයා සහ මියගිය ධීවරයන්ගේ සිරුරු ගාල්ල කරාපිටිය රෝහල වෙත රැගෙන ආවේ ඊයේ රාත්රියේදී. අතුරුදන් වූ සෙසු ධීවරයන් සොයා මෙහෙයුම් ක්රියාත්මකයි.
Post a Comment