
රුපියලේ අගය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා සමග ජාතික විවාදයකට සුදානම් බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. හම්බන්තොට වීරකැටිය ප්‍රදේශයේ පැවති උත්සවයකදී අමාත්‍යවරයා එම අදහස් පළ කළා.
වීරකැටිය මුල්කිරිගල පාලංකඩ ප්‍රදේශයේදී උදා ගම්මාන තුනක ඉදිකිරීම් ආරම්භ කිරිම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. සිවිසිරි ලක්පත් ඩඩ්ලි සේනානායකගම, සහස් කෙත්ගම සහ සමතගම යන ගම්මානයි මෙම ප්‍රදේශයේ ඉදිකෙරෙන්නේ. ගම්මානවල නිවාස විසිහය බැගින් ඉදිකෙරෙනවා. විසිරි නිවාස ණය ප්‍රදානයද මෙහිදී අමාත්‍යවරයා අතින් පිරිනැමුණා. රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්වුණා.
Post a Comment