Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නුවරඑළියට පැමිණි තරුණයින් 25ක් අත්අඩංගුවට  

Add comments

සති අන්ත දීර්ඝ නිවාඩුවට නුවරඑළියේ පැමිණි තරුණයින් 25 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගත්තා. ඒ කේරළ ගංජා හා නීති විරෝධී දුම්වැටි ළඟ තබා ගැනීම හේතුවෙන්.

හැටන් දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් හැටන් මල්ලිඅප්පු ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදීයි මෙම තරුණයින් පිරිස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. තරුණයින් 23 දෙනෙකු සතුව කේරළ ගංජා තිබී ඇති අතර තවත් තරුණයන් දෙදෙනෙකු ළඟ තිබූ නීති විරෝධී දුම්වැටි අත්අඩංගුවට ගෙන තිබෙනවා. අවුරුදු 20 ත් 25 ත් අතර වයස්වල පසුවන මෙම තරුණ පිරිස කොළඹ , ගාල්ල , මාතර ඇතුලු ප්‍රදේශ කිහිපයක පදිංචිකරුවන්.

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG