
පුපුරන ද්‍රව්‍ය අනාරක්ෂිත ලෙස ස්ථාන ගත කිරිම හේතුවෙන් ඇෆ්ගනිස්ථානයේ දරුවන්ගේ ජීවිත අවධාණමට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 2017 වසරේ සිට මේ දක්වා මෙවැනි පුපරන ද්‍රව්‍ය හේතුවෙන් ඇෆ්ගනිස්ථානයේ දරුවන් තුන්දහසක් මිය ගොස් හෝ තුවාල ලබා ඇති බව එරට වාර්තා සදහන් කරනවා. ඊයේ දිනයේද මෝටර් බෝම්බයක් සමග සෙල්ලම් කරමින් සිටි කුඩා දරුවන් අටදෙනෙකු මියගොස් තිබෙනවා. ඔවුන්ගෙන් හතර දෙනෙකු එකම පවුලේ සාමාජිකයින් බව සදහන්. වසර ගණනාවක් තිස්සේ පවතින සිවිල් යුද තත්ත්ව හේතුවෙන් වැඩි පුරම පිඩාවට පත්ව සිටින්නේ කුඩාදරුවන් බවයි එක්සත් ජාතිනගේ සංවිධානය පෙන්වා දෙන්නේ.
Post a Comment