Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

යාන් ඔය ජලාශයේ ඉදිකිරීම් මේ වසර තුළ අවසන්  

Add comments

තෙවැනි විශාලතම ජලාශය වන යාන්ඔය ඉදි කිරිම් කටයුතු මෙම වසර තුළ අවසන් කිරිමට අපේක්ෂා කරන බව අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා. ඒ  සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරිමේ හමුවකට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ.

අමාත්‍ය දුමින්ද දිසානායක,

වාරි තාක්ෂණයේ තවත් දැවැන්ත පියවරක් තබමින් තෙවැනි විශාලතම ජලාශය වන යාන්ඔය ජලාශයේ ඉදිකිරිම් කටයුතු මේ වන විට අවසන් අදියරට පැමිණ තිබෙනවා. උතුරු මැද, නැගෙනහිර ඇතුළු ප්‍රදේශ ගණනාවක ජල අවශ්‍යතාව සපුරාලීම මෙහි අරමුණයි. හොරොව්පතාන, යකිණිකන්ද , ගොමරන්කඩවල , වෙහෙරබැදි කන්ද , යා කරමින් කොටස් හතරක් යටතේ ජලාශයේ ඉදි කිරිම් සිදු කෙරෙනවා. මෙහි ප්‍රධාන වේල්ල කිලෝමිටර් දෙකකට ආසන්න දිගකින් යුක්තයි.යාන් ඔය ජලාශය ඉදි කිරිමට සමගාමීව ප්‍රදේශයේ යටිතල පහසුකම් දියුණු කිරිමද ආරම්භ වුණා. නව ගම්මාන හතරෙහි පදිංචි කිරිමේ කටයුතු ද මේ වන විට ආරම්භ කර තිබෙනවා.

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG