Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දකුණු පළාත් සභාවට තහනම් ද්‍රව්‍ය ගෙන ඒමට දැරූ උත්සාහයක් පොලීසිය වළක්වයි  

Add comments

දකුණු පළාත් සභා ගැබ තුළට ගෑස් සිලින්ඩර් ඇතුළු විවිධ ද්‍රව්‍ය රැගෙන යාමට  ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසක් ගත් උත්සාහය පොලීසිය ව්‍යර්ථ කළා.

දකුණු පළාත් සභාව අද උදෑසන 09.30ට පමණ රැස්වූණා.  එම අවස්ථාවේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පෙළපාලියකින් පළාත් සභාව වෙත පැමිණියා. තෙල් බැරල් ආකෘති , ගෑස් සිලින්ඩර් හා  වතුර බාල්දි මෙන්ම විරෝධතා පුවරු රැගෙනයි ඔවුන් මෙලෙස පැමිණියේ. එම භාණ්ඩ සභා ගර්භය වෙත රැගෙන ඒම වැළැක්වීමට ආරක්ෂ අංශ මැදිහත් වුණා.  දකුණු පළාත් සභා රැස්වීමේ  කටයුතු අඩාල කිරීමට එකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් දැරූ උත්සාහය ව්‍යර්ථ කරමින් සභාවේ කටයුතු සුපුරුදි පරිදි ක්‍රියාත්මක කෙරුණා.

 

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG