සෞඛ්‍ය සේවාවතුල සිදු කරන වංචා, දුෂණ සහ අනෙකුත් අකටයුතුකම් පිළිබද විධිමත් විමර්ශණයක් සිදුකරන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ විමර්ශණ ඒකකයට උපදෙස් ලබාදෙන ලදි.ඒ සෞඛ්‍ය අමාත්‍යාංශයේ විමර්ශණ ඒකකයේ සේවා කටයුතු විධිමත් කිරීම පිළිබද පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවක දීය.
වෛද්‍යවරුන් විසින් සිදු කරන විවිධ අකටයුතුකම්, රාජකාරී වේලාවේ පෞද්ගලික වෛද්‍ය සේවා සිදුකිරිම, නොමිලේ ලබාදෙන අක්ෂි කාච, ස්ටෙන්ස් වැඩපිළිවෙල නිසි පරිදි ක්‍රියාත්මක වීම,පිළිබදව රහසිගතව පරීක්ෂණ සිදු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා උපදෙස් ලබාදෙන ලදි.
දිවයින පුරා මධ්‍යම රජයේ සහ පළාත් සභා රෝහල් සියල්ලම විමර්ශණයට ලක් කරන ලෙස ද උපදෙස් ලබාදෙන ලදි. ඒ සදහා අවශ්‍ය පාහසුකම් ලබාදීමට ද සෞඛ්‍ය අමාත්‍යවරයා එකඟ වුයේය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ විමර්ශණ ඒකකයේ නව අධ්‍යක්ෂවරයා ලෙස සුදත් රත්නවීර මහතා පත් කිරීමට නියමිතය. විමර්ශණ කටයුතු සිදු කිරිම සදහා නව වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ද සෞඛ්‍ය අමාත්‍යවරයා නව අධ්‍යක්ෂවරයාට උපදෙස් ලබාදෙන ලදි.
ඇතැම් රෝහල්වල වෛද්‍යවරුන්ට එරෙහිව ඉදිරිපත්ව ඇති නිර්ණාමික හා නාමික චෝදනා පෙත්සම් විමර්ශණය කිරීමට යාමේ දී වෛද්‍ය සංගම් වලින් එල්ලවන බලපෑම් පිළිබදව ද මෙහිදී කරුණූ ඉදිරිපත්විය. එවැනි බලපෑම් අනුරාධපුර මහ රෝහල සහ කරාපිටිය ශික්ෂණ රෝහලේ දී එල්ල වූ බව විමර්ශණ නිලධාරීන් මෙහිදී පෙන්වා දෙන ලදි. තවද රෝහල්වල සිදුවන විවිධ වැරදි සොයා බලාපරීක්ෂණ පැවැත්වීම වෛද්‍යවරුන්ගේ පමණක් නොව සියලුම සෞඛ්‍ය සේවකයින්ගේ ද සිදුකරන බව විමර්ශණ නිලධාරින් මෙහිදී අවධාරණය කර සිටියේය. වැරදි සිදු කරන පුද්ගලයින් මෙම විමර්ශණවලට බාධා කරන බව ද ඔවුන් මෙහිදී පෙන්වා දුන්හ.
මෙම අවස්ථාවටඅතිරේක ලේකම්වරුන් වන ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, ගීතාමනී කරුණාරත්න, සහ විමර්ශණඅංශයේ අධ්‍යක්ෂ සුදත් රත්නවීර යන මහත්ම මහත්මීන් එක්ව සිටියහ.
Post a Comment