උතුරු කොරියා නායක කිම් ජොං උන් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට උණුසුම් ලිපියක් යොමු කර තිබෙනවා. ඔවුන්ගේ ඓතිහාසික සමුළුවෙන් පසු පසුවිපරමක් ඉල්ලා සිටින බවයි ධවළ මන්දිරය සදහන් කරන්නේ. උතුරු කොරියා නායකයා එහි සදහන් කර ඇත්තේ තමන් තවත් හමුවක් ඉදිරියේ දී පැවැත්වීමට කැමැත්තෙන් සිටින බවයි. ධවල මන්දිර ප්‍රකාශිකා සාරා සැන්ඩර්ස් පැවසුවේ උතුරු කොරියාව න්‍යෂ්ටික අවිහරණය සම්බන්ධයෙන් නිරන්තරයෙන් කැපවී කටයුතු කරන බව එම ලිපියේ සදහන් කරන බවයි.
පසුගිය ජුනි මාසයේ දී සිංගප්පූරුවේ දී පැවති හමුවේදී න්‍යෂ්ටික අවිහරණය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක් වුණා. මෙම ලිපියේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ දෙරටේ නායකයන් අතර නැවතත් හමුවක් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුවී ඇති බවයි.
Post a Comment