අලි මිනිස් ගැටුම වළක්වන රජයේ නව වැඩපිළිවෙළට සහාය පළකරමින් උද්ඝෝෂණයක් පැවැත්වුණා. ඒ පොල්පිතිගම රඹේ මංසන්ධියේදීයි. වසර ගණනාවක සිට පවතින අලි මිනිස් ගැටුම සම්බන්ධව ගෙනයන රජයේ නව වැඩපිළිවෙළ කඩිනම් කරන ලෙස ඉල්ලමිනුයි මෙම උද්ඝෝෂණය පැවැත්වුණේ. සමස්ත ලංකා ගොවිජන සම්මේලනය සහ හක්වටුනාව ගොවිබිම් සුරැකීමේ සංවිධානය එක්වයි මෙය සංවිධානකර තිබුණේ. අලි මිනිස් ගැටලුව සදහා රජය ගෙන ඇති විසඳුම් වලට සහාය පළකරන බවයි උද්ඝෝෂකයන් එහිදී කියා සිටියේ. දේශපාලනඥයින් ඇතුළු ප්‍රදේශවාසීන් විශාල පිරිසක් මේ සදහා එක්ව සිටියා.
නාමල් කරුණාරත්න – ජාතික සංවිධායක – සමස්ත ලංකා ගොවිජන සම්මේලනය
මේ අතර මෙරට අලි ඇතුන් ආරක්ෂා කිරීමට ජාතික ප්‍රතිපත්තියක් සම්පාදනය කරන ලෙසට වනජීවී අමාත්‍යවරයාට සහ වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා අභියාචනාධිකරණයේ රීට් පෙත්සමක් ගොනුකළා. පාරිසරික යුක්ති කේන්ද්‍රයයි පෙත්සම ගොනුකළේ.
Post a Comment