Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඥාණසාර හිමිගේ අභියාචන පෙත්සම සලකා බැලීමට දින නියම වෙයි  

Add comments

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට සිර දඩුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ගොනු කළ අභියාචන පෙත්සම ලබන මස 5 වනදා සළකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (28) දින ලබා දුන්නා. මෙම පෙත්සම විමසා තීන්දුව දෙන තෙක් තමා ඇප මත මුදා හරින ලෙසට ඥානසාර හිමියන් ඉල්ලා සිටිනවා. ඥානසාර හිමියන් වරදකරු කිරීමට අභියාචනාධිකරණය දුන් තීන්දුව ඉවත දමන ලෙසටද පෙත්සමෙන් ඉල්ලා සිටිනවා. 2016 ජනවාරි 25 වනදා හෝමාගම මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ හැසිරුනු ආකාරය සම්බන්ධයෙනුයි උන් වහන්සේට අධිකරණයට අපහාස කිරීමේ චෝදනා එල්ල වුණේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG