කොරියාවේදී පැවැත්වීමට නියමිත ලෝක සාමය පිළිබඳ ජාත්‍යන්තර මහා සමුළුවට සමගාමිව සංවිධාන කළ විශේෂ උත්සවයක් කොළඹදී පැවැත්වුණා.
රත්මලාන ලලිත් ඇතුළත්මුදලි වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේදීයි මෙම උත්සවය පැවැත්වුණේ. ජාත්‍යන්තර තරුණ සාම වැඩසටහන පිළිබඳ ශ්‍රී ලංකාවේ තරුණ ප්‍රජාව දැනුවත් කිරීම ද මෙහිදී සිදුකෙරුණා. ලබන 17 වනදා සිට 19 වනදා දක්වා කොරියාවේ සෝල් නුවරදී ලෝක සාමය පිළිබඳ ජාත්‍යන්තර මහා සමුළුව පැවැත්වීමට නියමිතයි.
යුද බියෙන් තොර සාමුහිකත්වයෙන් යුත් ලෝකයක් බිහි කිරීමේ අරමුණ ඇතිවයි මෙවර සමුළුව පැවැත්වෙන්නේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දැනට පවතින සාම නීතිය වෙනුවට නව සාම නීතියක් සඳහා ජාත්‍යන්තර ප්‍රජාවගේ සහාය ලබා ගැනීම මෙම සමුළුවේ අපේක්ෂාවක්. රටවල් රැසක රාජ්‍ය නායකයින් , ආගමික නායකයින් සහ මාධ්‍යවේදීන් ඇතුලු දෙදහසකට අධික පිරිසක් මෙවර සමුළුවට සහභාගි වීමට නියමිතයි.
Post a Comment