
දෙව්න්දර විශ්ණු දේවාලයේ කළණ හස්තියා වැඩිදුර ප්‍රතිකාර සදහා හම්බන්තොට රිදියගම එළිමහන් උද්‍යානය වෙත අද රැගෙන යනු ලැබුවා. එම හස්තියා පීඩාකාරී අයුරින් සිටින අයුරු මාධ්‍ය මගින් හෙළි කිරීමත් සමග හස්තියා වෙත අවධානය යොමු වුණා.
දෙවුන්දර ශ්‍රී විශ්ණු දේවාලයේ ගාල්කර සිටි කලන හස්තියා වසර ගණනාවක් පුරා දරුණු වද හිංසාවකට ලක්ව සිටියා. වනජීවී නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා එහි ගොස් තුවාල ලබා සිටින හස්තියා පරික්‍ෂාවට ලක් කළා. අනතුරුව අදාළ අංශවල අවධානය යොමු කරමින් හස්තියාට අවශ්‍ය ප්‍රතිකාර මෙන්ම පහසුකම් ලබා දීමට පියවර ගැනුනා. ඒ අනුව අද අලුයම කලන හස්තියා හම්බන්තොට රිදියගම එළිමහන් උද්‍යානය වෙත රැගෙන යනු ලැබුවා. එම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ද එක්ව සිටියා. කලන හස්තියාට අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමට ඉදිරියේ දී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබදවද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී උපදෙස් ලබා දුන්නා. අලින් රදවා තැබීම සදහා දම්වැල් වෙනුවට ආරක්ෂිත පටියක් හදුන්වාදෙන බවයි පාලිත තෙවරප්පෙරුම මහතා මෙහිදී ප්‍රකාශ කළේ.
නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම,



Post a Comment