
ටැන්සානියාවේ මගී යාත්‍රාව පෙරලීම සම්බන්ධයෙන් වගකිව යුතු පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා ලෙස එරට ජනාධිපති ජෝන් මැගුෆුලි නියෝගකර තිබෙනවා.
මේ වනවිට අනතුරෙන් මියගිය සංඛ්‍යාව 136 දක්වා ඉහළ ගොස් තිබෙනවා. තවත් විශාල පිරිසක් අතුරුදන්වී ඇති බවයි වාර්තා වන්නේ. ඔවුන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි. අනතුර සිදුවන අවස්ථාවේ මගීන් 400 කට අධික සංඛ්‍යාවක් යාත්‍රාවේ ගමන්කර ඇති බව සදහන්.
පුද්ගලයින් සිය දෙනෙකු පමණක් ගෙන යා හැකි මෙම යාත්‍රාවේ ඊට වැඩි පිරිසක් රැගෙන යාම අනතුරට හේතුවයි. පුද්ගලයින් සිය දෙනෙකු පමණ මේ වනවිට බේරා ගෙන ඇති බව විදෙස් වාර්තා සදහන් කරනවා. ඉන් පුද්ගලයින් තිස්දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි වාර්තා වන්නේ.
Post a Comment