කසළ තේ කොළවලට වර්ණ ගන්වා අනර්ඝ තේ ලෙස ඇසුරුම් කරමින් බෙදා හැරීමේ ජාවාරමක තොරතුරු හෙළි කර ගැනීමට පොලීසියට හැකි වුණා.
මෙවැනි තේ තොග ප්‍රවාහනය කරමින් තිබූ සුඛෝපභෝගී වෑන් රථයක් උඩුනුවර වෙලන්බොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණා. ඒ කසළ තේ කිලෝ 1020ද සමගයි. වෑන් රථයේ යට කොටසට කසළ තේ අසුරා ඊට උඩින් තරමක් හොද තේ කොළ අසුරමින් ඒවා ප්‍රවාහනය කරමින් තිබූ බවයි පොලීසිය පවසන්නේ. කසළ තේවලට පාට යොදා අලෙවි කරන තේ භාවිතය සෞඛ්‍යයට දැඩි ලෙස අහිතකර විය හැකි බව පොලීසිය පවසනවා. සැකකරුවන් දීර්ඝ කාලයක් තිස්සේ මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බවයි හෙළිව තිබෙන්නේ.
Post a Comment