ඇමෙරිකාවේ පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ පිට්ස් බර්ග් නගරයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
යුදෙව් ජාතික පිරිසක් ළදරුවෙකුට නම් තැබීමේ උත්සවයක් සදහා ආගමික ස්ථානයකට රැස්ව සිටි අවස්ථාවේදී මෙම වෙඩි තැබීම සිදුකර තිබෙන්නේ. සිද්ධියෙන් පුද්ගලයින් 6 දනෙකු තුවාල ලබා තිබෙනවා. ඔවුන්ගෙන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. බෝවස් නම් පුද්ගලයෙකු මෙලෙස වෙඩි තබා ඇති අතර ඔහු යුදෙව් විරෝධී අයෙකු බවයි වාර්තා වන්නේ. මේ වන විට ඔහු පොලිස් අත්අඩංගුවේ පසුවනවා. ඇමෙරිකාවේ මෑත කාලීන ඉතිහාසයේ යුදෙව් ජාතිකයින්ට එරෙහිව සිදුකළ දරුණුතම ප්‍රහාරය මෙය ලෙසයි වාර්තාවන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය කණගාටුව ප්‍රකාශ කර තිබෙනවා.
Post a Comment