Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සයිපාන් දිවයිනේ ජනතාව මුදා ගැනිමේ මෙහෙයුමට ද.කොරියා ගුවන් හමුදාවේ සහය  

Add comments

යුටු චණ්ඩ මාරුතය හේතුවෙන් බලපෑම් එල්ල  වු සයිපාන් දිවයිනේ ජනතාව මුදා ගැනිමේ මෙහෙයුම් සදහා දකුණු කොරියා ගුවන් හමුදාව සහය ලබා දී  තිබෙනවා.

පැසිෆික් සාගරයේ පිහිටි සයිපාන් දිවයිනට  බලපා ඇති අයහපත් කලගුණය හේතුවෙන් ජනජිවිත අඩාල වී තිබෙනවා. ඉන් සයිපාන් දිවයිනේ පුද්ගලයින් පනස්දහසකට සහ ටිනියාන් දිවයිනේ තුන්දහසකට පමණ දැඩි බලපෑම් එල්ල වුණා. පසුගිය බදදා සිට සයිපාන් ගුවන් තොටුපොල වසා දමා තිබිම හේතුවෙන් 1800 කට ආසන්න දකුණු කොරියානු සංචාරකයින් පිරිසක් දිවයින තුළ සිර වි සිටිනවා. එම ජනතාවට විදුලිබලය හා අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල හිගයක්ද පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. එසේ සිරවී සිටින පිරිස් මුදා ගැනිමේ මෙහෙයුම් මේ වන විට ආරම්භ කර ඇති අතර ඔවුන් ආරක්ෂිත සථාන කරා යොමු කිරිමට නියමිතයි. පැයට කිලෝමිටර් දෙසිය අනුවක වේගයෙන් සුළං හමා එමින් පවතින බවයි වාර්තා වන්නේ.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG