නීති විරෝධි ලෙස රන් කාසි තොගයක් චීනයට රැගෙන යාමට උත්සාහ කළ පුද්ගලයකු අත්අඩංගුවට ගත්තා. ඔහු 44 හැවිරිදි ඉන්දිය ජාතිකයෙක්.
ගුවන් තොටුපල ආරක්ෂක නිලධාරීන් සිදු කළ ස්කෑන් පරීක්ෂාවකදී සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි ගුවන් තොටුපල රේගුව සඳහන් කළේ. ග්රෑම් 160ක් බර රන් කාසි 20ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒවායේ වටිනාකම රුපියල් අට ලක්ෂ අසූ දහසක්. රන් කාසි තොගය රාජ සන්තක කර ඇති බවයි රේගුව ප්රකාශ කළේ.
Post a Comment