Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අග්නිදිග විශ්ව විද්‍යාලය යටත් කරගෙන සිටි සිසුන් 15දෙනා අත්අඩංගුවට  

Add comments

ඔලුවිල් අග්නිදිග විශ්ව විද්‍යාලයේ පාලන ගොඩනැගිල්ල අත්පත් කරගෙන විරෝධයක යෙදි සිටි සිසුන් 15 දෙනා අක්කරපත්තුව පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

තාක්ෂණ පීඨයේ සිසුන් හතරදෙනෙකුගේ ශිෂ්‍ය භාවය අහෝසි කිරිම සහ සිසුන් 21 දෙනෙකුගේ පන්ති  තහනම ඉවත් කිරීම ලෙස ඉල්ලා මෙම සිසුන් පරිපාලන ගොඩැනැගිල්ල තුළ දවස් 11 රැදි සිටි අතර මේ හේතුව නිසා එහි පරිපාලන කටයුතු මුලුමනින්ම අඩාල වුණා. මේ නිසා විශ්වවිද්‍යාලය දින නියමයක් නොමැතිව වසා දැමීමට විශ්වවිද්‍යාලයේ පාලනධිකාරිය ඊයේ දිනයේ කටයුතු කළා.

තව කියවන්න

අග්නිදිග විශ්වවිද්‍යාලය දින නියමයක් නොමැතිව වැසෙයි

අද(25) පෙරවරැවේ විශ්ව විද්‍යලයේ අනධ්‍යන කාර්යය මණ්ඩලයේ පිරිසක් මෙම සිසුන්ට පහරදීමට සුදානම් වු බව සිසුන් පවසා තිබෙනවා. මෙම ස්ථානයේ ගැටුම් සහගත තත්වයක් නිර්මාණය වෙමින් තිබු අතර පසුව අක්කරපත්තුව පොලිසියේ නිලධාරීන් අද පෙරවරුවේ විශ්ව විද්‍යලයට පැමිණ එය සමථයකට පත්කළා.

අක්කරපත්තුව අධිකරණයෙන් උසාවි නියෝගයක් ලබාගත් අක්කරපත්තුව පොලීසියේ නිලධාරින් විශ්ව විද්‍යාලයේ පාලන අධිකාරිය සමග සාකච්ඡාවක් දෙන  බව පවසමින් පාලන ගොඩනැගිල්ලේ දොරටුව සිසුන් ලවා විවෘත කරවාගෙන තිබෙනවා. ඉන්පසුවයි පොලිස් නිලධාරින් වහාම ක්‍රියාත්මක වි ගොඩනැගිල්ල තුළට පැමිණ සිසුන් 15 දෙනා අත් අඩංගුවට ගෙන ඇත්තේ.

පසුව මෙම සිසුන් විශ්ව විද්‍යාල බස් රථයෙන් අක්කරපත්තුව පොලීසිය වෙත ගෙන ගොස් තිබෙනවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG