වත්මන් යහපාලන රජය පත්වීමෙන් පසු ගෙවී ගිය වසර කිහිපය තුළ සෞඛ්‍ය සේවාවේ උන්නතිය වෙනුවෙන් වැය කළ මුදල අන් කිසිදු රජයක් යටතේ වැය කළ මුදලට සමාන කළ නොහැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රසිංහ මහතා පවසනවා.
ගෙවී ගිය වසර කිහිපය තුළදී මෙරට සෞඛ්‍ය ක්ෂේත්රය දැවැන්ත පියවර කිහිපයකින් ඉදිරියට ගිය බවයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගේ නායකත්වය යටතේ සෞඛ්‍ය ක්ෂේත්රයේ ගුණාත්මකබව ඉහළ ගිය බව ද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙනවා. ඖෂධ මිල පාලනය කරමින් ජනතාවට දරාගත හැකි මුදලට සෞඛ්‍ය සේවා ලබා ගැනීමට ඉඩ සැලසීම ප්‍රධාන ජයග්‍රහණයක්. නවීන තාක්ෂණය සෞඛ්‍ය සේවාව වෙතද හදුන්වාදීමට රජය කටයුතු කරන බවයි රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ. මේ වන විට සිව්වන කාර්මික විප්ලවයද ආරම්භ වී ඇති බව කියා සිටි අග්‍රාමාත්‍යවරයා නව තාක්ෂණය යටතේ සෞඛ්‍ය සේවාව ගෝලීය වශයෙන් ව්‍යාප්ත වී ඇති බව පෙන්වා දුන්නා.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ,
Post a Comment