ඌව පළාත් මහ ඇමැති චාමර සම්පත් දසනායක එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද අවසර ලබා දුන්නා. බදුල්ල දෙමළ බාලිකා මහා විද්‍යාලයේ විදුහල්පතිනිය ඌව පළාත් මහ ඇමැතිට සහ පළාත් අධ්‍යාපන බලධාරීන්ට එරෙහිව මෙම ශ්‍රේෂ්ඨාධිකරණයේ මෙම පෙත්සම ගොනු කර තිබුණා.
ඌව පළාත් මහ ඇමැති චාමර සම්පත් යන අයට එරෙහිව පමණක් පෙත්සම විභාග කිරීමටයි ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දී තිබෙන්නේ. ඒ අනුව මෙම පෙත්සම ජූලි මස 18 දා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කර තිබෙනවා.
පසුගිය ජනවාරි මස ඌව මහ ඇමැතිවරයාගේ නිල නිවසේදී දණ ගසා මහ ඇමතිවරයාට වැද නමස්කාර කිරීමට සිදු වූ බවකියන සම්බන්ධයෙන් මෙතෙක් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකිරීමට බලධාරීන් අපොහොසත් වී ඇති බව බවනී රගුවත් නැමැති විදුහල්පතිනිය කියාසිටිනවා. මහ ඇමතිවරයාගේ හා පළාත් බලධාරීන්ගේ ක්‍රියාකාරීත්වය හේතුවෙන් තමාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට ප්‍රකාශයට පත් කරන ලෙසට පෙත්සම්කාරිය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.
Post a Comment