යූ ටු චණ්ඩ මාරුතය ඇමෙරිකා එක්සත් ජනපදයේ උතුරු මරියානා දූපත්වලට අද රාත්‍රියේ බලපානු ඇති බව කාලගුණ අංශ පවසනවා.
චණ්ඩ මාරුතයෙන් සිදුවිය හැකි හානි අවම කරගැනීම සදහා පූර්වාරක්ෂක පියවර ගෙන ඇති බවයි ඇමෙරකා බලධාරීන් සදහන් කරන්නේ. යූ ටු චණ්ඩ මාරුතය පස්වන කාණ්ඩයට අයත් සුළි කුණාටුවක් වනවා. එය පැයට කිලෝමීටර් 280 ක වේගයෙන් හමායනු ඇති බවයි කාලගුණ විද්‍යාඥයන් පවසන්නේ. බලපෑමට ලක්විය හැකි ප්‍රදේශවලින් ඉවත් වන ලෙස මේ වන විට ජනතා වට අනතුරු ඇගවීම් සිදු කෙරෙනවා. මෙම චණ්ඩ මාරුතය පිලිපීනය සහ තායිවානය දෙසටද ඇදී යන බවයි කාලගුණ විද්‍යාඥයන් සදහන් කරන්නේ.
Post a Comment