ජෝර්දානයේ ජල ගැලීමෙන් මියගිය සංඛ්‍යාව 18ක් දක්වා ඉහල ගොස් තිබෙනවා. මරණ තවත් වැඩිවිය හැකි බවයි එරට වාර්තා සදහන් කළේ. විනෝද චාරිකාවකට එක්ව සිටි පිරිසක් රැගත් බස් රථයක් ජල පහරකට හසුව ගසා යාමෙන් වැඩිපිරිසක් මියගොස් තිබෙනවා. පුද්ගලයන් 34 දෙනෙකු බේරාගත් බවයි ජෝර්දාන බලධාරීන් සදහන් කළේ. අතුරුදන්වූවන් සොයා මෙහෙයුම් ආරම්භ කළා. හෙලිකොප්ටර් යානා ද යොදවා තිබෙනවා.
Post a Comment