Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

2018 ඡන්ද හිමි නාමලේඛනය සකස් කර අවසන්  

Add comments

2018 ඡන්ද හිමි නාමලේඛනය සකස් කර අවසන් බව මැතිවරණ කොමිසම ප‍්‍රකාශ කළා.

දෙලක්ෂ තිස් දහස් හයසිය පනහකින් ඡන්ද හිමියන් සංඛ්‍යාව වැඩිවී තිබෙනවා. එහෙත් කොළඹ මහ නගර සභාව තුළ ඡන්ද දෙදහසක් අඩුවී ඇති බවයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා සඳහන් කළේ. මහින්ද දේශප‍්‍රිය මහතා මෙම කරුණු පැහැදිලි කළේ මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. පලාත් සභා මැතිවරණය පිලිබඳ පවතින වත්මන් සම්බන්ධයෙන් ශෙ‍්‍ර්ෂ්ඨාධිකරණයෙන් උපදෙස් ලබාගන්නා බව ද ඔහු කියා සිටියා. පලාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් සියලු පක්ෂ සමග සාකච්ඡා කර තිබෙනවා. කිසිදු පක්ෂයක් එය ප‍්‍රමාද කිරිමට අකමැති බවයි මහින්ද දේශප‍්‍රිය මහතා සඳහන් කළේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG