නෝර්වුඩ් පොට්රි තේ වත්තේ බලපත්ර නොමැතිව මැණික් ගරමින් සිටි සැකකරුවන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කාසල්රී ජලාශයට ජලය ගලා බසින ඇල මාර්ගයේ ඔවුන් විශාල පරිසර හානියක් සිදුකර ඇති බවයි පොලීසිය පවසන්නෙ. නෝර්වුඩ් පොලීසියේ නිලධාරින් පිරිසක් සිදුකළ වැටලීමකදී මැණික් ගැරීම සදහා උපයෝගී කරගත් උපකරණ තොගයක් ද පොලිස් භාරයට ගත්තා. සැකකරුවන් නෝර්වුඩ් ප්රදේශයේම පදිංචිකරුවන්. ඔවුන් හැටන් මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවයි නෝර්වුඩ් පොලිසිය සදහන් කළේ.
Post a Comment