ලිංගික හිංසන චෝදනාවලට ලක්වූ ජ්‍යෙෂ්ඨ කළමනාකරුවන් ඇතුලු 50කට ආසන්න පිරිසක් සේවයෙන් නෙරපා හැරිමට ගූගල් සමාගම පියවර ගෙන තිබෙනවා. ජ්‍යෙෂ්ට නිලධාරින් 13 දෙනෙකු ඒ අතර වන බවයි ගූගල් සමාගම පවසන්නේ. 2016වසරේ සිට චෝදනාවලට ලක්වූවන් මෙලෙස ඉවත්කිරිමටයි පියවර ගෙන තිබෙන්නේ. අනෙකුත් සේවකයන්ටද මේ සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමේ ලිපි යොමුකර ඇති බවයි ගූගල් සමාගම සදහන් කළේ.
Post a Comment