බ්‍රිතාන්‍යයේ උද්ඝෝෂකයින් ලක්ෂ 7ක් පමණ ලන්ඩන් නගරයට රැස්ව විරෝධතාවන් හි නිරත වනවා. ඒ බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන්වීම පිළිබඳ නව ජනමත විචාරණයක් අවශ්‍ය බව පවසමින්.
උද්ඝෝෂණ සඳහා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද එක්ව සිටිනවා. ඔවුන් පවසන්නේ තමන්ට තවදුරටත් යුරෝපා සංගමය සමග එක්ව කටයුතු කිරීමට අවශ්‍ය බවයි. 2003 වසරේ ඉරාක යුද්ධයට එරෙහිව සිදු කළ විරෝධතාවකින් අනතුරුව බ්‍රිතාන්‍ය රජයේ තීරණයකට එරෙහිව සිදු කරන විශාලතම විරෝධතා ව්‍යාපාරය මෙයයි. සාධාරණ තීරණයක් සඳහා යළි ජනමත විචාරණයක් පැවැත්වීමට අත්‍යවශ්‍ය බව ඔවුන් පෙන්වා දෙනවා.
Post a Comment