Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ආනයනික භාණ්ඩ සදහා බන්දිත ගුදම් පවත්වාගෙන යාම සඳහා පෞද්ගලික අංශයටත් අවසර  

Add comments

ශ්‍රී ලංකාවට ආනයනය කරන එල්සීඑල් කාගෝ හෙවත් බහාලු ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණයකින් යුතු ආනයනික භාණ්ඩ සදහා බන්දිත ගුදම් පවත්වාගෙන යාමට පෞද්ගලික අංශයටද අවසර ලබා දිමට රජය තීරණය කර තිබෙනවා. ඒ භාණ්ඩ නිෂ්කාශනය වඩාත් පහසු කිරිම සදහායි.

රේගු අඥාපනත යටතේ මුදල් හා ජන මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා හට ඇති බලතල අනුව ඊට අදාල රේගුලාසි පනවන ගැසට් නිවේදනය සදහා පසුගියදා අත්සන් තැබුණා. අදාල රෙගුලාසි මේ මස පළමුවෙනිදා සිට ක්‍රියාත්මක වනවා. නව රෙගුලාසි අනුව ආනයනික භාණ්ඩ නිෂ්කාශනය පමණක් නොව අපනයන කටයුතු මෙන්ම ප්‍රතිඅපනයනයද බන්දිත ගුදම හරහා ක්‍රියාත්මක කළ හැකි බවයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරන්නේ. ජාත්‍යන්තර වරාය හා ගුවන් තොටුපල සිට සාධාරණ දුර ප්‍රමාණයකින් එම ගුදම් පිහිටුවීමට අනුමැතිය හිමි වනවා. ඊට අදාළ බලපත්‍ර ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවෙන් ලබා ගත හැකි බවයි අමාත්‍යංශය සදහන් කරන්නේ. වාර්ෂික බලපත්‍ර ගාස්තුව වශයෙන් රුපියල් ලක්ෂ පහක මුදලක් අය කෙරුණු ඇති.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG