Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉරාකයට නව ජනාධිපතිවරයෙක්  

Add comments

ඉරාක පාර්ලිමේන්තුවේ පැවැති ඡන්දයෙන් එරට නව ජනාධිපතිවරයා ලෙස කුර්දි දේශපාලනඥයෙකු වන බාර්හම් සාලිහ් පත් වී තිබෙනවා. ඔහුගේ පත් වීමෙන් අනතුරුව එරට අග්‍රාමාත්‍යවරයා ද එම අවස්ථාවේ දී තෝරා පත් කර ගැනීම විශේෂත්වයක්.

එරට නව අග්‍රාමාත්‍යවරයා ලෙස ආදෙල් අබ්දුල් මාදී පත් කර තිබෙනවා. මැයි මාසයේ පැවැත්වීමට තිබු එරට මැතිවරණය පැවැත්වීමකින් තොරවයි මෙම පත්වීම සිදු කෙරුණේ. මේ සඳහා සාම්ප්‍රදායික විශේෂ උත්සවයක් සංවිධානය කළ යුතු වූවත් එයද සිදු නොකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. නව ජනාධිපති බාර්හම් සාලිහ් 58 හැවිරිදි වියෙහි පසුවනවා. ඔහු බ්‍රිතාන්‍යයේ අධ්‍යාපනය ලැබු ඉංජිනේරුවරයෙකු ද වනවා. එරට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් තේරී කිරීමේදී දින 15 ක් මේ සදහා ලබා දී ඇති නමුත් එරට නව ජනාධිපතිවරයා පැය දෙකක් වැනි සුළු කාලයක් තුලදී ඔහුගේ අමාත්‍ය මණ්ඩලය තෝරා පත්කරගෙන තිබෙනවා. ඉරාකයේ අග්‍රාමාත්‍යවරයාට එරට වැඩි බලයක් සහිත තනතුරක් වනවා. ඔහුගේ පත්වීම සිදුකරනු ලබන්නේ එරට පාර්ලිමේන්තුවේ කතානායකවරයා විසිනුයි.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG