
ඊශ්‍රායල් රැකියා ලබාදෙන බව පවසමින් මුදල් වංචා කළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විශේෂ විමර්ශන ඒකකයට ලද තොරතුරක් මතයි වැටලීම් සිදුකර ඇත්තේ. සැකකරු බලපත‍්‍රයක් නොමැතිව පුද්ගලයන් විදේශ ගත කිරිම සඳහා නීති විරෝධි ලෙස මුදල් ලබාගෙන ඇති අතර අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු නිකුත් කළ ගිවිසුම්පත්ද විමර්ශන නිලධාරින් භාරයට පත්වුණා. පුස්සැල්ලාව ප‍්‍රදේශයේ පදිංචි සැකකරු ගම්පොළ මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් පසු රුපියල් ලක්ෂයක ශරීර ඇප දෙකක් මත මුදාහැර තිබෙනවා.
Post a Comment