
රටේ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් වත්මන් රජය සාර්ථක පියවර රැසක් ගනිමින් සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. විනිමය අනුපාතයන් අඩුවැඩි වීමේ ගැටලුවට මුහුණ දෙන්නේ කෙසේ ද යන්න පිළිබදවද අවධානය යොමු කර ඇති බව අග්‍රාමාත්‍යවරයා සදහන් කරනවා.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය සංගමය කොළඹදී පැවැත් වූ උත්සවයක් අමතමින්. එම සංගමයේ නව සභාපතිනිය ලෙස වෛද්‍ය ජානකී විදානපතිරණ මහත්මිය පත්ව සිටිනවා. ඇයගේ පදවිප්‍රාප්ති උත්සවය අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. නව සභාපතිනියට නිල ලාංඡනය පැළදවීම හිටපු සභාපති වෛද්‍ය හේමන්ත හේරත් මහතා අතින් සිදු කෙරුණා. නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. මෙහිදී තවදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කළේ රටට විදේශ විනිමය වැඩිකර ගැනීමට කටයුතු කළ යුතු බවයි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා,
Post a Comment