
බණ්ඩාරවෙල , දෙමෝදර ප්‍රදේශයේ දී මෝටර් රථයක් ප්‍රපාථයකට පෙරලීමෙන් පුද්ගලයින් තුන් දෙනෙකු තුවාල ලැබුවා.
බදුල්ල බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ දෙමෝදර දහයේ කණුව ප්‍රදේශයේදීයි අනතුර සිදුව තිබෙන්නේ. මෝටර් රථය අඩි 200 ක් පමණ ප්‍රපාථයකට පෙරලී බදුලු ඔයට වැටී තිබෙනවා. ධාරාණිපාත වර්ෂාවත් සමඟ රථය පාලනය කරගත නොහැකිව එය මාර්ගයෙන් ඉවතට යාමත් සමඟයි ප්‍රපාථයට පෙරලී ඇත්තේ. රථයේ සිටි පුද්ගලයින් තුන්දෙනා අනතුරෙන් තුවාල ලැබුවා. ඔවුන් සුවසැරිය ගිලන්රථයක් මගින් වහා බදුල්ල රෝහල වෙත රැගෙන යාමට කටයුතු කර තිබෙනවා. ඔවුන් අතරින් දෙදෙනෙකුගේ තත්වය බරපතල බවයි වාර්තා වන්නේ. මෝටර් රථයට ද අලාභ හානි සිදුව තිබෙනවා.
Post a Comment