Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දෙවන විශේෂ මහාධිකරණයටත් විනිසුරුවරුන් පත් කෙරේ  

Add comments

මහා පරිමාණ මූල්‍ය වංචා සහ දූෂණ නඩු විභාග කිරීමේ දෙවන ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය සදහා විනිසුරුවරුන් තුන්දෙනෙකු පත් කර තිබෙනවා. අගවිනිසුරු ප්‍රියසාද් ඩෙෆ් මහතායි මෙම විනිසුරුවරුන් පත් කර ඇත්තේ.

දැනට මහාධිකරණ විනිසුරුවරුන් ලෙස සේවය කරන විනිසුරුවරුන් තුන්දෙනෙකු මේ සදහා පත් කර තිබෙනවා. ආර් ගුරුසිංහ, අමල් රණරාජා සහ ශෂී මහේන්ද්‍රන් එම මහාධිකරණ විනිසුරුවරුන් වනවා. මහා පරිමාණයේ මූල්‍ය වංචා හා දූෂණ නඩු කඩිනමින් විභාග කිරීමේ අරමුණින් විශේෂ මහාධිකරණ තුනක් ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය හිමි වුණා. ඒ අනුව අධිකරණ සංවිධාන පනත සංශෝධනය කර ශ්‍රේෂ්ඨාධිකරණයේ නිර්දේශ අනුව මෙම විශේෂ මහාධිකරණ පිහිටුවීමට රජය තීරණය කළා. එහි පළමු අධිකරණයේ නඩු කටයුතු මේ වන විට ක්‍රියාත්මකව පවතිනවා.

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG