රුපියල් ලක්ෂ 11කට වැඩි මුදලක් සොරකම් කිරිම සම්බන්ධයෙන් සැකකරුවන් පස් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය 15 වනදා මිහින්තලේ නගරයේ වෙළඳ සැලකට ඇතුළු වී මුදල් සොරකම් කර ඇති බවයි පොලිසිය පවසන්නේ. වෙළඳ සැළේ සවිකර තිබූ ආරක්ෂක කැමරා දර්ශන මඟින් සැකකරුවන් අත්අඩංගුවට ගැනිමට පොලිසිය සමත් වුණා. සැකකරුවන් පැමිණි යතුරුපැදි දෙකක් සහ සොරකම් කළ මුදල් ද සොයාගත් බවයි අප වාර්තාකරු පවසන්නේ.
Post a Comment