Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නව කැබිනට් මණ්ඩලයේ ඇමතිවරුන් දිවුරුම් දීම අද  

Add comments

නව කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් කිහිපදෙනෙක් අද දිවුරුම් දීමට නියමිතව තිබෙනවා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් සහ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් උත්සවය පැවැත්වෙන බවයි හිටපු අමාත්‍ය එස් බී දිසානායක මහතා ප‍්‍රකාශ කළේ. මහින්ද රාජපක්ෂ මහතා අග‍්‍රාමාත්‍ය ධුරයේ රාජකාරි ආරම්භ කිරිම අද පෙරවරුවේ සිදුවන බවත් එස් බී දිසානායක මහතා සඳහන් කළා.

මේ අතර කඳුරට ජනතා පෙරමුණේ නුවරඑළිය දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රි රාධාක‍්‍රිෂ්ණන් මහතා ද නව අග‍්‍රාමාත්‍යවරයාට සහාය පළකිරිමට තීරණය කර තිබෙනවා. අද උදෑසන ලක්හඬ කළ විමසීමකදී මන්ත‍්‍රිවරයා සඳහන් කළේ නව රජය සමඟ එක්වීමට තමා ඇතුළු කඳුරට ජනතා පෙරමුණේ මන්ත‍්‍රිවරුන් දෙදෙනා ද කැමැත්තෙන් සිටින බවයි.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG