Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මහ මැතිවරණයක් කඩිනමින්  

Add comments

කල් දැමූ පළාත් සභා මැතිවරණය පවත්වා හැකි ඉක්මණින් පාර්ලිමේන්තු මැතිවරණයක් කැඳවන බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කළා. ඒ විශේෂ නිවේදනයක් නිකුත් කරමින්.

රට ඇද වැටී ඇති ප‍්‍රපාතයෙන් ගළවා ගන්නා නව වැඩපිළිවෙළකට ජනතාවට තම අභිමතය පරිදි අනුමැතිය ලබාදීමට ඉඩ සැලසීම අපේක්ෂාව බවයි මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ.  එය තමන් සමඟ සිටින දේශපාලන පක්ෂ නායකයන්ගේත්, පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරුන්ගේත් එකායන අභිප‍්‍රාය බවයි අග‍්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

ජනාධිපති ඝාතන කුමන්ත‍්‍රණය සහ රට ඇදවැටී තිබූ අවධානම් සහගත මොහොතේ දී ජනාධිපතිතුමාගේ ආරාධනය පිළිගෙන අග‍්‍රාමාත්‍ය ධුරය භාරගත් බවද මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කළා. පසුගිය කාලයේ රටට මහත් පිළලයක් වූ වෛරී දේශපාලය පිටුදැක සෑම පුරවැසියෙකුගේම මූලික අයිතීන් සුරක්ෂිත කිරිම අග්‍රාමාත්‍යවරයාගේ අපේක්ෂාවයි.

අධිකරණයේ ස්වාධීනත්වය සහ ගරුත්වය රකින සහ රටේ නීතිය හා සාමය තහවුරු කරන අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීම අභිප‍්‍රාය බවද සිය නිවේදනයෙන් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නා. ඒ සඳහා එක්වන ලෙස පාර්ලිමේන්තුවේ සියලුම පක්ෂවලට ගෞරවයෙන් ආරාධනා කරන බවයි නව අග‍්‍ර‍්‍රාමාත්‍යවරයා  වැඩිදුරටත්  සඳහන් කළේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG